අපි ගැන
ශ්‍රී ලංකාවේ අද වන විට සීග්‍රයෙන් වර්ධනය වන අන්තර්ජාල පරිශීලකයින් ගනනත් සමඟම අන්තර්ජාල පහසුකම් පාරිබෝගිකයින් ප්‍රමාණයද ඉතා විශාල වශයෙන් වැඩිවී තිබේ. එහෙත් අන්තර්ජාල පහසුකම් සපයන ආයතන මගින් කෙසේ හෝ පාරිබෝගිකයන් ගනන වැඩිකිරීම ගැන උනන්දු උවද ඉන් පසු පාරිබෝගිකයා පත් වන අපහසුතා ගැන සොයා බැලීමට මැලි කමක් දක්වයි. එමෙන්ම යම් යම් කූර උපක්‍රම භාවිත කරමින් පාරිබෝගිකයාට මවා පෙන්වීම් කරමින් යතා තත්වය සඟවමින් තම ව්‍යාපර කටයුතු ප්‍රවර්ධනය සඳහා පමණක් කාලය කැප කරයි.
මෙසේ ඇතිවෙමින් තිබෙන තත්වයන් නිසා ඒවට නිසි පිලියම් ගත යුතු බැවින් ඒ සඳහා 2010 / 11/ 20 දින ලියාපදිංචි සාමාජිකයන් 57 ක් සමඟ "ශ්‍රී ලංකා අන්තර්ජාල පාරිභෝගික සංගමය" ආරම්භ කරන ලදි.
Subscribe to:
Posts (Atom)


